පොත් පෙරළීම

ජූලි 21, 2022


 
 
 ප‍්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුනිල් කොස්තාට පසුගිය දිනක රූපවාහිනී නාලිකාවකින් හදිස්සියෙම ඇමතුමක් ලැබිලා තියෙනවා. ඒ ලැබුණු ඇමතුමෙන් කියලා තියෙන්නෙ, ඔහු අලූ‍තින් අධ්‍යක්ෂණය කළ ර්‍ණපනම් බැ`දි ගස්” ටෙලි නාට්‍යය විකාශය කරන්න කතා කරගන්න එන්න කියලයි. දුරකථන ඇමතුමෙන් කලබලයට පත්වුණ සුනිල් කොස්තා දඩි බිඩියේ හැඳ පැලඳ ගෙන ඇවිත් පැය ගණනක් මාර්ගයේ බලා හිඳ, ආපු බස්රථයක නැඟ ගිහින්. කල්පනා කරමින් ගිහින් තියෙන්නේ පොත් මැදුරකටයි. ඔහු ආපු තැන වැරදුණු බව නොසඟවා විනාඩි කිහිපයක් එහි ගත කොට පොතකුත් රැගෙන එතනින් පිටව ගොස් තිබෙන්නේ කිසිවකුටත් ඒ බව ආරංචි නොවෙයි කියා සිතායි. එහෙත් ඔහු යන අතරතුර ඔහුගේ දුරකථනයට ඇමතුමක් දුන් අයකු අසා තිබෙන්නේ ”සුනිල් අයියේ ඔයා ගියේ නාලිකාවට නෙවෙයි නේද, පොත් මැදුරකට නේද” කියලා ආරංචියි. එය කෙසේ දැන ගත්තාද කියන එක සුනිල් කොස්තාට නම් තාමත් ප‍්‍රශ්නයක්.