අධ්‍යක්ෂණයට සූදානම්

ජූලි 21, 2022


 
 
 අර්ජුන් රාම්පාල් පසුගියදා කතාබහට ලක් වූයේ ‘ද රේපිස්ට්’ චිත‍්‍රපටය ලන්ඩන් ඉන්දියානු චිත‍්‍රපට උලෙළේ යුරෝපීය මංගල දර්ශනය පැවැත්වීමෙන් පසුවය. ‘ද රේපිස්ට්’ චිත‍්‍රපටය අපර්ණා සෙන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද්දකි. එහි ඔහු පණ පෙවූ අෆ්තාබ් මලික්ගේ චරිතයට ධනාත්මක ප‍්‍රතිචාර ලැබුණි.
 
 මේ දිනවල ඔහු දකුණු ඉන්දීය සිනමාවට පිවිසෙමින් ක‍්‍රිෂ් ජගර්ලමුඩි විසින් අධ්‍යක්ෂණය කරන ‘හරි හරාවේරා මල්ලූ‍‘ තෙළිඟු‍ චිත‍්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් සම්බන්ධ වී සිටී. ”‍මම හිතන්නේ ඕනෑම චිත‍්‍රපටයකට භාෂාව බාධාවක් නොවිය යුතුයි. චිත‍්‍රපටය සිත් ඇදගන්නාසුලූ නම් සහ විනෝදාස්වාදය සපයනවා නම්, එය ඕනෑම තැනකදී පේ‍්‍රක්ෂකයන් සොයා ගනී. චිත‍්‍රපටවලට සීමා මායිම් හෝ වෙනස්කමක් නොතිබිය යුතුයි”‍ අර්ජුන් පවසන්නේය. තවද ඔහු නුදුරේදීම අධ්‍යක්ෂණයට පිවිසීමට බලාපොරොත්තු වන බව ද පවසා සිටී. චිත‍්‍රපට නිෂ්පාදකයකු ලෙස හොඳ චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට තමාට විශ්වාසයක් ඇති බවත් ඔහු සඳහන් කළේය. අර්ජුන්, කන්ගනා රනවුත් සමඟ රංගනයෙන් දායක වූ ‘ධකාද්’ සහ සනි ලියෝන් සමඟ රංගනයෙන් දායක වූ ඉතිහාස කතා පුවතක් ගෙන එන ‘ද බැට්ල් ඔෆ් බහීමා කොරේගෝන්’ චිත‍්‍රපට මේ වසරේදී නිකුත් කිරීමට නියමිතව ඇත.