මාතෘ දිනපොතෙන්

ජූලි 21, 2022

 
  නුදුරේදීම තම පළමු දරුවා පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සෝනම් කපූර් නිරන්තරයෙන් තම ඉන්ස්ටග‍්‍රම් ගිණුමට නවතම ඡායාරූප එක් කරන්නීය. මාතෘත්වය පිළිබඳ තොරතුරු මෙන්ම වීඩියෝද එයට ඇතුළත් කරන්නීය. පසුගිය කාලයේ කොරෝනා වසංගතය පැතිර ගිය කාලයේදීත් ඇය සමාජ මාධ්‍ය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන අයුරු දැකගත හැකි විය. දැන් ඇය එම කාලය තම ගැබිනි සමයේ තොරතුරු බෙදාහදා ගැනීමට වෙන් කර තිබේ.

 
 මෑතකදී, ඇය සිය සැමියා වන ආනන්ද් අහුජා සමඟ නිවාඩුවක් ගත කිරීමට ඉතාලියට ගියාය. අනතුරුව ඔවුන් පැරීසියට පිටත් වූ අතර සෝනම්ගේ සොහොයුරිය වන රියා කපූර් සහ ඇගේ සැමියා වන කරන් බූලානි ද එම ගමනට එක් වූහ.
 
 අනිල් කපූර්ගේ වැඩිමහල් දියණිය වන සෝනම් මේ වසරේදී බොලිවුඩයේ වසර 15 ක් සම්පූර්ණ කළාය. ඇය රිදි තිරයට පිවිසියේ රන්බීර් කපූර් සමඟ සංජේ ලීලා බන්සාලිගේ ‘සාවරියා‘ චිත‍්‍රපටයෙනි. සෝනම් සහ ආනන්ද් අහූජා සමඟ වසර හතරකට පෙර විවාහ දිවියට පත් වූ අතර ඔවුන් වැඩි කාලයක් ගත කළේ බි‍්‍රතාන්‍යයේ පිහිටි නිවසේයි.