කාජල් පුංචි තිරයට

ජූලි 21, 2022

එළැඹෙන ජූලි 31 වැනිදාට කාජල් සිනමා කර්මාන්තයට පැමිණ වසර තිහක් සම්පූර්ණ වේ. ඇය 1992 දී ‘බෙකුඩි‘ චිත‍්‍රපටය සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඇයට වයස අවුරුදු 17 දී ය. කාජල් මෑතකදී සම්මුඛ සාකච්ඡුාවකදී හෙළි කළේ ඇය ඉතා ඉක්මනින් රූපවාහිනි කතා මාලාවකින් දැකගත හැකි බවයි. මේ පුවත මීට දෙවසරකට පෙරදීත් වාර්තා වූයේ ‘ආර්යා‘ නම් කතා මාලාව සමඟින්. එම චරිතයට පණ පොවන්නේ සුෂ්මිතා සෙන්ය. සුෂ්මිතා එහි රංගනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් රූපවාහිනි සහ අන්තර්ජාල කතාමාලාවන්හි හොඳම නිළියට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.


‘ආර්යා‘ කතා මාලාව අතහැර දැමීම පිළිබඳවද කාජල් එම සම්මුඛ සාකච්ඡුාවේදී අදහස් දැක්වූවාය. ”‍මම පිටපතට ගොඩක් කැමති වුණා. නමුත් එය මට සාර්ථක වුණේ නැහැ. ඒ කාලයේදී පෞද්ගලිකව ඒක භාර ගන්න හැකියාවක් තිබුණේ නැහැ”‍ කාජල් පැවසුවාය. පසුගිය වසරේ ‘ත‍්‍රිභංග‘ චිත‍්‍රපටයෙන් පසුව මේ වන තෙක් ඇය වෙනත් නිර්මාණ නිවේදනය කර නොමැත. මෙම වසර මුලදී ඔස්කාර් කමිටුවට එක්වන ලෙස ආරාධනා ලැබූ නවතම බොලිවුඞ් තරුව වූයේද ඇයයි.