සිංහයාට සුවය ලැබෙන තුරු

ජූලි 14, 2022

 

පසුගියදා සිදුවූ රිය අනතුරෙන් ප‍්‍රතිකාර ලබන ප‍්‍රවීණ රූපණවේදී ජැක්සන් ඇන්තනි පිළිබ`දව පසුගියදා රේණුකා බාලසූරිය මෙසේ කීවා.

”සිංහබාහු සිනමාපටයේ රූපගත කිරීම් පසුගිය දවස්වල අනුරාධපුර ප‍්‍රදේශයේ සිදු කළ අතර රූපණවේදී ජැක්සන් ඇන්තනි එහි සිංහබාහු ලෙස රංගනයේ නිරත වුණා. ජැක්සන් අයියා මේ රූප ගත කිරීම් කරපු දින තරමක් අ`දුර වැටෙනකම් රූපගත කිරීම්වල හිටියේ. රූපගත කිරීම් අවසන් වෙලා අයියත් එක්ක එකට ර`ගපෑ අයියගේ සහෝදරයා සමන් ඇන්තනි සහ ගෝලයා ඉරේස් හෝටලයට යන්න පිටත් වුණා. ඊට පිටු පසින් සෝමේ අයියගේ වාහනය සහ අපේ තවත් වහන කිහිපයක් ද ආවා. ජැක්සන් අයියලා එදා දවසේ සිදුවුණ දෙවල් කතා කරම්න් වාහනයේ ඇවිත් තියෙන්නේ. ඒ ආපු මාර්ගය තරමක් කළුවරයි. මේ අතරේ කළුවරේම තමයි අලියා පාර මාරුවෙලා තියෙන්නේ. පාර මාරු වුණ වන අලියා වාහනේ හැප්පිලා වාහනය උඩටම පෙරළිලා ඊටපස්සේ අලියා නැගිටලා යන්න ගිහින් අනතුර සිදුවුණ වෙලාවේ හැකි ඉක්මනට අපිට කරන්න පුළු‍වන් සියලූ‍ දෙවල් කරලා කොළඹට ජැක්සන් අයියා එවන්න කටයුතු කළා. අපිට පස්සේ දැනගන්න ලැබුණා වනජිව් නිලධාරින්ගෙන් අලියාගෙ විස්තර. දැන් අපි සියලූ දෙනාම ප‍්‍රර්ථනා කරන්නේ ඉක්මනින් අපේ සිංහයාට සුවවෙලා එන්න කියන එක තමයි.”