වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
එයා වගේ ද මෙයා කණපිට ගහලා

පසුගිය දින ටවර් රඟහලේ නවතම හාස්‍යෝත්පාදක නාට්‍යයක් වේදිකා ගත කළා. ඒ ‘එයා වගේ ද මෙයා යි. එහි රංගනයේ නිරත වන සනෝජා බිබිලේට හරි අපුර්ව වැඩක් වෙලා කියලා දැන ගන්නට ලැබුණා. ඒ තමයි අපට ආරංචි වුණ විදිහට වාහනයට තෙල් නොමැතිකම නිසා කොහෙන්දෝ තෙල් හොයාගෙන වාහනයට දාගෙන එනවිට එන්න ඕන වේලාව පරක්කු වෙලා. ඒ ආපු වෙලාවේ ඇයට වේදිකාවට යන්න විනාඩි පහක් දහයක් විතර තිබ්බා කියලා තමයි දැනගන්නට ලැබුණේ. ඒ නිසා ඇයගේ චරිතයට අදාළ ඇඳුම් ටික ඇඳගත් පසු ඒවා කණපිට ඇඳගෙන වේදිකාවට ගිය බවයි ඇය නොදැක ඉඳල තියෙන්නේ. ඒත් ඇය සමඟ රංගනයේ යෙදෙන සාගරිකා කිව්වට පස්සේ තමයිලු සමෝජාට දැකලා තියෙන්නේ. ඉන්පසු කලබල වුණු සනෝජාට වේදිකාවෙන් යන්න සුළු මොහොතක් තිබුණ නිසාත් පේ්රක්ෂකයන්ට එය නොපෙනෙන නිසාත් ප්‍රශ්නයක් නොවුණා කියලයි හැමෝම කිව්වේ. ඒත් කොහොම හරි මේ කතාව එළියට ආපු බව සනෝජාට තවමත් ප්‍රශ්නයක්ලු.
නිශ්ශංක විජේරත්න
සේයාරූ - නිශ්ශංක විජේරත්න