වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
මුහුණු පොතේ පිංතූරය

බුද්ධික ජයරත්න හිටපු සරසවිය කර්තෘට පෙන්වන ඡායාරූපයේ තියෙන්නේ කුමක් විය හැකි ද? ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලක ඒ ගැන යමක් කියන්නට උත්සාහ කරන බවකුත් අපට පේනවා. හැබැයි ඒ කියන දේ මෙහි ලියන්නට බෑ. මේ ඡායාරූපය මුහුණු පොතේ පළ වූ සැණින් සනත්ට ලොකු ලොකු ප්‍රතිචාර හම්බ වුණාලු. එදාම රාත්‍රියේ බුද්ධික ජයරත්න සරසවිය සම්මාන දිනූ, නිෂ්පාදක ශ්‍යාමන් පේ්රමසුන්දරට ද මේ ඡායාරූපයේ කථාවේ අගමුල පෙන්වලා ඇති හැබැයි පොලිස් නිල ඇදුම ඇඳන් ඉන්න හින්දා කවුරුත් ඒ ගැන අහන්නට ගියේ නැහැ. පිංතූරේ කියන විස්තර සනත් ගුණතිලකයන් ගෙන්ම අහන්න පුළුවන්. නැත්තම් දැන් මේ දවස් වල යුනිෆෝම් අඳින්නේ නැති නිසා බුද්ධිකගෙන් අහන්න පුළුවන්. කොහොම වෙතත් සනත් හා බුද්ධික අරුගම්බේ සිනමා පටයේ ඉහළම රංගනයක යෙදුණා.