වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
සහෝදරකම්

අර්ජුන් කපූර් පසුගිය ජුනි 26 වැනිදා 37 වැනි වියට පා තැබීය. ඔහු මෙවර උපන්දිනය පැරිසියේදී සැමරුවේ පෙම්වතිය වන මලයිකා අරෝරා සමඟිනි. ඔහුගේ අර්ධ සොහොයුරිය ජාන්වි කපූර්, ඥාති සොහොයුරිය සෝනම් කපූර් ඇතුළු නළු නිළියන් රැසක් ඔහුට සුබ පැතූහ. අර්ධ සොහොයුරිය වන ජාන්වි කපූර් 'සහෝදරයා' ලෙස ඇමතීම ගැන තම සතුට ප්රකාශ කළ ඔහු සිය ඥාති සොහොයුරිය වන සෝනම් කපූර් සමඟ කුඩා කල සිටම ඔවුන් එකට හැදී වැඩුණු ආකාරය සිහිපත් කළේය.
ජාන්වි ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පින්තූරයක් සමඟ මෙසේ ලිවාය. "ඕනෑම කෙනෙකුගේ මුහුණට සිනහවක් තැබිය හැකි බුද්ධිමත් හා ශක්තිමත් සහ මායාකාර මගේ සහෝදරයාට සුබ උපන්දිනයක්. ඔබට මගේ සහෝදරයා යැයි පවසන්නට ලැබීම සතුටකි. මේ වසර ඔබේ ය. ඔබ බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කර ඇත. කරුණාවෙන් හා නිහතමානීව කටයුතු කරන තමා පහත් කරන්නා වූ සෑම බාධකයක්ම අබිබවා නැඟී සිටීම සෑම විටම ඔබෙන් ඉගෙන ගන්නෙමි. මගේ සහෝදරයෙක් ලෙසින් මිතුරෙක් ලෙසින් මගේ පිටුපසින් සිටීම ගැන ඔබට ස්තූතියි." ඥාති සොයුරිය සෝනම් කපූර් ද ළමා කාලය සිහිපත් කරමින් ඡායාරූප කිහිපයක් බෙදා ගත්තාය.