ජනගත වූ නවතම ග්‍රන්ථ

ජුනි 30, 2022

 

 

මා කියූ රේගුව

 

එස්.කේ.ඒ.එස්. සේනානායකගේ මා කියූ රේගුව ග්‍රන්ථයට ඔහු ඇතුළත් කර ඇත්තේ බදු ආදියට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, තිරු බදු තක්සේරු කිරීම හා එකතු කිරීම, වෙනත් ආයතන වෙනුවෙන් බදු අය කිරීම, තීරු බදු නිදහස් කිරීම සහ සහන සැලසීම, බදු ආපසු ගෙවීම්, යළි ලබා ගැනීම හා බැඳි ප්‍රතිපාදනයන්, හොරබඩු ජාවාරම්, වාණිජමය වංචා හා විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීම, තහනම් හා සිමා කළ භාණ්ඩ පිළිබඳ නීති ක්‍රියාත්මක කිරීම, රේගු වැරදි විමර්ශනය කිරීම, වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම යනාදියයි. දශක ත්‍රිත්වයක කාලයක් රේගු විෂය පිළිබඳ ප්‍රාමාණික පරිචයක් ලද කතුවරයා ස්වකීය අත්දැකීම් නිරීක්ෂණය හා සහභාගීත්ව නිරීක්ෂණ සහිතව මහත් ආයාසයකින් එක්තැන් කොට උකහාගත් කරුණු ගොනු කර ගත් තොරතුරු රාශියක් මෙහි අන්තර්ගත වී ඇත.

 

පළිඟු බිත්තරය

විශ්ව සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට එක් කළ තරුණ පරිවර්තක ප්‍රභාත් මිරිහාගල්ල පරිවර්තනය කළ ‘පළිඟු බිත්තරය’ (ඊඩඥ ඛ්පරඵබචත ඡ්ඨඨ) ග්‍රන්ථය පසුගිය 28 දා දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනයේ දී ජනගත කෙරිණි.

ලෝක විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ එක් එක් කාල පරිච්ඡේද නියෝජනය කළ රටවල් කිහිපයක විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් හය දෙනෙකුගේ නිර්මාණ පමණක් මෙම ග්‍රන්ථයේ ඇතුළත්ය. එම ලේඛකයන් හයදෙනා වනුයේ ජී.වෙල්්ස්, අයිසෙක් ඇසිමෝෆ්, අනතෝලි දනියෙප්‍රෝෆ්, ආර්කදී ස්ත්‍රගත්ස්කි, රේ බ්‍රෑඩ්බරි සහ පිලිප් කේ.ඩික් ය.

 

 

බෝපත් සෙවණ

 

වැවේ ගෙදර සමිතා ශ්‍රිමාලිගේ කුලුඳුල් කෙටි කථා සංග්‍රහය ‘බෝපත් සෙවණ’ පසුගිය දින මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාලයේ දී ජනගත කෙරිණි. වසර ගණනාවක දී ඇය ලද අත්දැකිම් ගවේෂණාත්මක තොරතුරු මුලාශ්‍ර කරගනිමින් මෙම කෙටි කථා සංග්‍රහය රචනා කර ඇත.