වර්ෂ 2023 ක්වූ February 05 වැනිදා Sunday
උදය සිනමාවට පැමිණ 25යි චිත්‍රපටත් 25යි

පාසල් කාලයේ සිටම සිනමාවට තිබූ ආසාව නිසා ඔහු එකමලක පෙති නමින් සරසවිය පුවත්පතට චිත්‍ර කතාවක් ඇන්දේය. පාසල් කාලය නිමා වීමෙන් පසු උදයකාන්ත තම ආශාව වෙනුවෙන් සිනමාවටම කැප වුණි. අදට සිනමාවට පැමිණ වසර 25ක් වන අතර පේ්රක්ෂකයාට ද සිනමා පට 25ක් මේ වන විට දායද කර ඇත. ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ චිත්‍රකතා යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම එක ලෙස හපන්කම් දැක් වූ ඔහු ඒ හැකියාව සහිතව මෙරට සිටින දෙවැනියා විය. පළමුවැනියා වන්නේ හර්බට් රංජීත් පීරිස්ය. තුන්වැනියා ජැක්සන් ඇන්තනිය. උදයකාන්තගේ චිත්‍රපට 25යි පැමිණ 25යි. මෙය ලංකාවේ වාර්තාවක් බවයි සිනමා රසික රසිකාවන් හා විචාරකයන් පවා පවසන්නේ.