වර්ෂ 2022 ක්වූ July 03 වැනිදා Sunday
ඇලපිල්ලක වෙනස

පසුගිය දින සිංහබාහු සිනමා පටයේ මුහුරත් උලෙළේදි කුමාර තිරිමාදුරට නම් තැබීමක් සිදුවිය. පැමිණ සිටි සියලු කලාකරුවන් හා ආරාධිතයන් හඳුන්වා දීම හා එක් එක් නළු නිළියන්ගේ චරිත හඳුන්දීම ද නිවේදකයා සතුවිය. සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර තමන්ට ලැබී තිබෙන චරිත ගැන ඒ අවස්ථාවේ සංවාදයක නිරත වෙමින් සිටියා. කුමාරත් චරිත නිරුපණයේ යෙදෙන්නේ ගැල්කරුවකු ලෙසයි. ඒත් පැමිණි සිටි සියලු දෙනා එකපාරටම කුමාර හඳුන්වා දුන් අවස්ථාවේ හයියෙන් සිනාසෙන්නට වුණා. නිවේදකයාට ඔහු කියූ චරිතයේ නම පිළිබඳව ද එතරම් වැටහීමක් නොවුණි. ඔහු නැවත නැවත දෙපාරක් තුන්පාරක් වැරැදි නම කියන්නට විය. කුමාරගේ චරිතය ගැල්කරු වුවත් නම වෙනස් කිරීම නිසා හඳුන්වනු ලැබුයේ ‘ගල්කරු’ ලෙසිනි. නිවේදක එය නිවැරැදි කළත් කුමාරට සිදු වු අපහසුතාවය වෙනස් කිරිමට නොහැකි විය. ඒ නිසා අසුන් ගෙන සිටි තැනින් කුමාර හා සරත් නැගිට එළියට ගියේ ලැජ්ජාවෙන්ය.