මාධව තවුසාගෙන් සුන්දරියට සුබ පැතුමක්

ජුනි 23, 2022

 

ශි‍්‍රයාණිගෙන් පිළිතුරු -

තවුසාගේ නොහික්මුණු දෑස නිසා, ස්තූතියි රවී

නිදුක් නීරෝගීව සිටින්න ලැබෙන එක තමා ලොකුම සම්පත. දෑස නිසා හී නිරුදක නික්ම ගොසිනි. සුන්දරීගේ දෑසේ පෙනීමත් දුර්වල වෙලා. මාධව තවුස් තෙමේ තවමත් ප්‍රතිකාර කරනවා ද?

රවී - එයාට ඇස් වෙදකම් බෑ,වයසයි, ඇඟිලි වෙව්ලනවා.

 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ දෑස නිසා සිනමා පටයේ රවීන්ද්‍ර රන්දෙණියත් ශි‍්‍රයාණි අමරසේනත් එකට රඟ පෑවා. ජීවිතේ තරුණ අවධිය හොඳම අවධිය ලෙස සැලකු ඔවුන් අදත් ඒ ලෙසමයි සිහිපත් කරන්නේ. ඔවුනොවුන් උපන් දිනවලට සුබපතා ගන්නේ රඟ පෑ චරිත වලින් ආමන්ත්‍රණය කර ගනිමින්. මේ එවැනි මොහොතක් පසුගිය දින රවීන්ද්‍ර රන්දෙණිය ශ්‍රියානි අමරසේනගේ උපන්දිනයට සුභ පැතු අයුරුයි.

අපේ රීදි තිරයේ අහිංසකාවිය ආදරණීය ශි‍්‍රයානි - යුග යුග අප සිනමාව වෙනුවෙන්ම කැප වී නිසලවම නිහතමානීව එහි දිලුණ පහන්සිල මතු මතුත් නිදුක් නීරෝගීව සැනහී හිනැහී සිටින්නටම හේතු වාසනා වේවා.! මා සුන්දරියට ලොල්ව සිල් බිඳගත් මාධව තවුසා!