ප්‍රවීණ කැමරා ශිල්පී එම්.වී.හේමපාල (තලේ) දිවි සැරිය නිම කරයි

ජුනි 23, 2022

ප්‍රවීණ කැමරා ශිල්පී එම්.වී.හේමපාල (තලේ) කලක් රෝගාතුරව සිට පසුගිය 20 වැනිදා අභාවප්‍රාප්ත විය. මෙරට මුල්ම ටෙලි නාට්‍යය වන දිමුතු මුතු හි කැමරා ශිල්පියා වුයේ ද තලේ නමින් ජනාදරයට පත්වූ එම්.වී.හේමපාලය.

ජෝ මයිකල් අධ්‍යක්ෂණය කළ 'සිරිල් මල්ලී' චිත්‍රපටයෙන් සිනමා කැමරාකරණයට පිවිසි ඔහු 'සත් සමුදුර', 'පාරාවළලු', 'හාර ලක්ෂේ', 'සැණකෙළිය', 'චන්ඩි පුතා', 'මරුවා සමඟ වාසේ', 'හත්දින්නත් තරු', 'බඩුත් එක්ක හොරු' ඇතුළුව චිත්‍රපට 150ට අධික සංඛ්‍යාවක කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේය. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ 'කෙළි මඬල' චිත්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන් තලේ සරසවිය හොඳම කැමරා ශිල්පියාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. 1997 වසරේදී ස්වර්ණවාහිනි ආයතනයේ පුරෝගාමි කැමරා ශිල්පියා ලෙසින් කටයුතු කළ ඔහු වෙළෙඳ දැන්වීම් රාශියකට කැමරාවෙන් සිය දායකත්වය ලබාදී තිබේ.

පෝරුවදණ්ඩ, රත්මල්ගොඩ, කන්දහේන, අංක.375/1/1, දරන ස්ථානයේ මහජන ගෞරව පිණිස තැන්පත් කළ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (ජුනි 23) පස්වරු 3.30 ට ඉංගිරිය පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.