සිනේ ස්ටාර් සමඟ උපන්දින සැමරුම්

ජුනි 23, 2022

 

සිනේ ස්ටාර් පදනමේ රැස්වීමක් පසුගිය ජුනි 15 වැනිදා නවලෝක පරිශ්‍රයේදී පැවැත් වුණි. එදින පැමිණ සිටි පිරිස පුදුම කරවමින් සිනේ ස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා එම ස්ථානයට කේක් ගෙඩියක් ගෙන ආවේය. ඒ උපන්දින ද්විත්වයක් වෙනුවෙනි. එම උපන්දිනයන්හි හිමිකරුවන් වූවෝ ප්‍රවීණ රංගන ශිල්පිනි ශ්‍රියාණි අමරසේන සහ ප්‍රවීණ රූපණවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියයි. රවීන්ද්‍රගේ උපන්දිනය ජුනි 05 වැනිදාට යෙදි තිබුණු අතර ශ්‍රියාණිගේ උපන්දිනය යෙදී තිබුණේ ජුනි 14 වැනිදාටය. ජයන්ත ධර්මදාස මහතා ප්‍රධානව පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් පිරිවරා ශ්‍රියාණි සහ රවීන්ද්‍ර උපන්දින සැමරුවේ මෙලෙසිනි. නිළි රැජන ආචාර්ය මාලිනි ෆොන්සේකා, සංගීතා වීරරත්න, චන්න විජේවර්ධන, ක්ලීටස් මෙන්ඩිස්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, සම්මානනීය ප්‍රධාන විධායක ආචාර්ය කිෂු ගෝමස්, ප්‍රීති රන්දෙණිය ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප - දිනේෂ් කුමාර