ද නිවුස්පේපර් ඇමෙරිකාවේ සිලෝන් අන්තර්ජාතික උලෙළේදී හොඳම සම්මානය

ජුනි 16, 2022

 

ඇමෙරිකාවේ සැන්ටාබාබරාහි පැවැති පළමු සිලෝන් අන්තර්ජාතික සිනමා උලෙළේ (CEYLON INTERNATIONAL FILM FESTIVAL )හොඳම චිත්‍රපටයට හිමි සම්මානය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ හා සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්ෂණය කළ 'ද නිවුස්පේපර්' චිත්‍රපටයට හිමි විය. නිර්දේශ නාම ලද දෙස් විදෙස් දීර්ඝ වෘත්තාන්ත චිත්‍රපට 07 අතුරින් චිත්‍රපට 04 ක් සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මානනීය වීමට සමත් වූ අතර එහිදී සම්මාන 05 කට හිමිකම් කියූ 'ද නිවුස්පේපර්' උලෙළේ වැඩිම සම්මාන ලද චිත්‍රපටය ලෙසද පෙරමුණ ගැනීමට සමත් විය.

 

දීර්ඝ වෘත්තාන්ත චිත්‍රපට තරග අංශය

 

(01). හොඳම චිත්‍රපටය (Best Picture):ද නිවුස්පේපර් (නිෂ්පාදනය - බන්දුල ගුණවර්ධන / ශ්‍රී ලංකාව)

(02). දෙවැනි හොඳම චිත්‍රපටය (Grand Prix/ Runnerup): : සුනාමි (නිෂ්පාදනය - රේණුකා බාලසූරිය/ ශ්‍රී ලංකාව)

(03). හොඳම අධ්‍යක්ෂණය (Best Director)::සරත් කොතලාවල, කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර් - ශ්‍රී ලංකාව)

(04). හොඳම තිර රචනය (Best Script)::ජයන්ත චන්ද්‍රසිරි (ඝරසරප - ශ්‍රී ලංකාව)

(05). හොඳම නළුවා( Best Lead Actor):සරත් කොතලාවල (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)

(06). හොඳම නිළිය (Best Lead Actress)::නිරංජනී ශම්මුගරාජා (සුනාමි- ශ්‍රී ලංකාව)

(07). හොඳම සහාය නළුවා Best Supporting Actor):කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)

(08). හොඳම සහාය නිළිය (Best Supporting Actress): : හිමාලි සයුරංගි (සුනාමි- ශ්‍රී ලංකාව)

(09). හොඳම නැගී එන නළුවා හෝ නිළිය ( Best upcoming Actor or Actress):මදාරා ජයසේන (ද ලෙටර්- ශ්‍රී ලංකාව)

(10). හොඳම කැමරා ශිල්පියා (Best Cinematographer)::ප්‍රභාත් රොෂාන් (ඝරසරප- ශ්‍රී ලංකාව)

(11). හොඳම සංස්කරණ ශිල්පියා (Best Editor):අජිත් රාමනායක (සුනාමි- ශ්‍රී ලංකාව)

(12). හොඳම සංගීතය (Best Music):ගයාත්‍රී කේමදාස (ද නිවුස්පේපර් - ශ්‍රී ලංකාව)

 

කෙටි හා වාර්තා චිත්‍රපට තරග අංශය

 

01). හොඳම කෙටි චිත්‍රපටය (Best Short Film): Alone (මාධව තිරිමාන්න- ශ්‍රී ලංකාව)

02). හොඳම සජීවීකරණ චිත්‍රපටය  (Best Animation): ITCHO: The Deep of the Earth  (මෙක්සිකෝව)

03). හොඳම වාර්තා චිත්‍රපටය Best Documentary): Antartica  (බල්ගේරියාව)

 

විශේෂ සම්මාන අංශය

(01). විශේෂ ඇගයීම සම්මානය (Special Recognition: Women In Fim:රේණුකා බාලසූරිය