වර්ෂ 2022 ක්වූ August 20 වැනිදා Saturday
බන්දුල ගලගෙදරගේ සුව දුක් බලන්න ලිට්ල් පීපල් ඇවිත්

බන්දුල ගලගෙදර කා අතරත් ජනප්‍රිය නළුවෙකි. එච්.ඩී. ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද සිකුරුලියා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බන්දුල ගලගෙදර චිත්‍රපටයේ ජනප්‍රියත්වයත් සමඟින් සියලු දෙනා කතා බහ කරන චරිතයක් වන්නට විය. උස් නොවූ සිරුරක් හිමි බන්දුල සීතා දේවි, මරුවා සමඟ වාසේ, සසරක පැතුම, ලොකු තාත්තා, මවුන්ටන් ඉන් ද ජන්ගල්, කැකිල්ලේ රජ්ජුරුවෝ, කෝ හතුරෝ, රිදී තැල්ල වැනි චිත්‍රපටවලටද රංගනයෙන් දායක විය. මේ වන විට ඔහු කුරුණෑගල වාරියපොල වැඩිහිටි නිවාසයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. ආනන්දනීය සිංහල සිනමා සංවිධානය හා Little people Association සංවිධානය වෙනුවෙන් ඔහුගේ සුව දුක් බැලීම සදහා ගොස් තිබුණේ ජනේෂ් චන්දිමාල් ය. ජනේෂ් පවසා සිටින්නේ මේ දක්වා කිසිම කලාකරුවෙක් එතුමාගේ සුව දුක් විමසීමට නොපැමිණි බව ඔහු පැවසූ බවයි. ඔහුගේ සුවදුක් බැලීමට තම වටිනා කාලයෙන් බිදක් යොදවන ලෙස කලාවට හිතැති සැමගෙන් ඉල්ලා සිටී.