වර්ෂ 2022 ක්වූ August 09 වැනිදා Tuesday
වම දකුණට - දකුණට වමට

ජනපි‍්‍රය ගායක චන්දන ලියනාආරච්චි සංගීත සන්දර්ශනයකට දුර පළාතකට ගියා.
දවසත් හරි වේලාවත් හරි. නියමිත වේලාවට තැනට ගියත් පොඩි නිදි මතක් ඇවිත් රථය තුළම ඇලවුණා. දන්නේම නැතුව නින්ද ගියා. එක පාරටම නිවේදක උන්නැහේ චන්දනට වේදිකාවට එන්න ආරාධනා කළා. අසල සිටි හිතවතකු කතා කළ විට නින්දෙන් ඇහැරුණු ඔහු ගලවා දමා තිබූ සපත්තු දෙක දඩි බිඩි ගා දමාගෙන වේදිකාවට ගොඩ වුණේ කෝට් එකත් හදමින්. ඒ වෙන කොටත් සංගීත කණ්ඩායම ගීතයේ වාදනය පටන් ගෙන හමාරයි.
අපහසුතාවක් දැනුණ ද චන්දන ගණන් නොගෙන ගීතය ගැයුවා. හැබැයි ගීතය ඉවර වුණ පසු සංගීත කණ්ඩායමේ නායකයා කනට කොදුරා කිව් කතාවෙන් චන්දනට උතුªරු දකුණ මාරු වුණා. කලබලයට සපත්තු දාලා තියෙන්නේ දකුණ වමටත් වම දකුණටත් බව දැන ගත්තේ කණ්ඩායම් නායකයා කී දේ අනුව දෙපා දෙස බැලූ විටයි.