සෝමරත්න දිසානායක සිංහබාහු අරඹයි

ජැක්සන්-අඛිල-සජිත ප්‍රධාන චරිත මවති
මැයි 26, 2022

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය සිංහබාහු චිත්‍රපටයේ වැඩකටයුතු ලබන ඉරිදා ආරම්භ කිරීමට නියමිතව ඇත. ආචාර්ය දිසානායකගේ 12 වැනි චිත්‍රපටය වන සිංහබාහු රංගනයෙන් හැඩ කරනුයේ ජැක්සන් ඇන්තනි, ගිරිරාජ් කෞකල්‍ය, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, යශෝධා විමලධර්ම, අශාන් ඩයස්, අඛිල ධනුද්ධර ඇන්තනි, සජිත ඇන්තනි, දුෂේනි මියුරංගි සහ සිනෙති අකිලා ඇතුළු පිරිසක් විසිනි. විශ්වා බාලසූරිය කැමරාකරණයෙන්ද, ජනක ප්‍රසාද් කලා අධ්‍යක්ෂණයෙන්ද, අජිත් රාමනායක සංස්කරණයෙන්ද, විදුර අබේධීර වේශ නිරූපණයෙන්ද, රමේෂා ඕෂධි ඇඳුම් නිර්මාණයෙන්ද, ප්‍රසන්න වීරකෝන් පසුතල නිර්මාණයෙන්ද මේ සඳහා දායක වෙති. සිංහබාහු චිත්‍රපටය ගාමිණි වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයෙකි.