වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
මනිෂාගේ චීත්ත ගවුම

මනිෂා ශ්‍යාමලී නාමල්ගම පසුගිය දින වාර්තාමය වෙළෙඳ දැන්වීමක් රූපගත කිරීමට සහභාගි වුණා. ඒ ලෝක කාන්තා දිනය වෙනුවෙන් ග්‍රාමීය දිරිය කතකගේ චරිතය අලළා කරන ලද වාර්තා මය වෙළෙඳ දැන්වීමකටයි. ඇයගේ වස්ත්රාභරණ ලෙස කලා අධ්යක්ෂවරයා තෝරා ගෙන තිබුණේ මල් මල් චීත්ත ගවුමකි. ඒත් කලා අධ්යක්ෂවරයාට ඇයට හරියන මල් මල් ගවුමත් සොයා ගැනීමට නොහැකි වීම නිසා මනිෂාටම ගවුමක් රැගෙන එන්න දැනුම් දී ඇත. මනිෂා ගෙය පෙරළා වසර 7ක් පමණ පැරණි රතු පාට, නිල් පාට මල් පිරුණු චිත්ත ගවුමක් රැගෙන ගොස් ඇත. පසුව දර්ශන තලයට ගිය මනිෂාට ඇඳුම් මාරු කර ගන්නට සහාය අධ්යක්ෂවරයා දැනුම් දී ඇත. ඒ වනවිට ඇය රැගෙන ගිය ගවුම ඇඳගත් පසු එය කබායක් බදු විය. එය දුටු සියලුදෙනා සිනාසෙන්නට විය.
ඔයාලා සතුටුවෙන්න ඕන මෙහෙම හරි මල් ගවුමක් මම සොයාගෙන ආපු එක ගැන. හිනාවේවි කියූ මනීෂා ඉන් පසු කියා ඇත්තේ මම සතුටු වෙන්නේ අවුරුදු 7ට කලින් හිටියාට වඩා සිහින් සිරුරක් හිමි වීම ගැනයි කියාය.
සේයාරූ - නිශ්ශංක විජේරත්න