වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
කීර්ති සහ මිල්ටන් මුනුපුරු පවන් තස්මේනියාවේදී මුල් වරට ගී ගයති

තස්මේනියාවේදී මුල්ම වරට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මැයි 28දා පැවැත්වෙන එම සංගීත ප්‍රසංගයට ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල් සහ මිල්ටන් මල්ලවාරච්චිගේ මුනුපුරා වන පවන් මල්ලවාරච්චි ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතව ඇත. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ කීර්ති පැස්කුවෙල් ඇතුළු පිරිසගේ ඔස්ට්‍රේලියානු සංචාරය සමඟිනි. ඒ අනුව සිඩ්නි හා මෙල්බර්න් හිදී ප්‍රසංග දෙකක් පැවැත්වීමට නියමිතව ඇත. නදීක ගුරුගේ, රවීන් කණිෂ්ක, ෆැලන් ඇන්ඩ්‍රියා, නුවන්දික සේනාරත්න, දුලංග සම්පත්, රවී රොයිස්ටර් මෙම ප්‍රසංග සඳහා එක් වී සිටිති.