වර්ෂ 2022 ක්වූ May 29 වැනිදා Sunday
සැබෑ යාළුකම

මේ දිනවල කාගෙත් කතා බහට ලක්වි සිටින චරිතයකි සනොජා බිබිලේ. සිනමා කලා කරුවන් උදෙසා පවත්වනු ලබන සිල්වර් ස්ක්රීන් සිනමා උපහාර උලෙළ රටේ පවතින තත්ත්වය හමුවේ කල් ගිය නිසාය ඒ. සනෝජාගේ සමීපතමයකු වන රංජිත් රූබසිංහ ඇගේ දුකට සැපට සනී මෙන් වූ හොඳම යාළුවෙකි. නිතර දෙවේලේ සනෝජා හමු නොවුණත් පසුගිය දිනෙක ඇය හමු වූ විට ඇය විසින් කරනු ලබන මහඟු සත්කාර්යය වෙනුවෙන් රංජිත් සනෝජා පිළිබඳ පැසසීමට ලක් කළේය. එහිදී සනෝජා රූබාගේ දෑතින් අල්ලාගෙන පැවසුවේ හැමෝම දෝෂාරෝපණය කරන වෙලාවක රංජිත් වගේ පසසන යහළුවකු සිටීම කෙතරම් වටින්නේද කියාය.