වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
මල්කාන්තිගේ ඉල්ලීම

මේ දිනවල පාරදිගේ නාට්‍යයේ රෙහාන්ගේ මවගේ චරිතය නිරූපණය කරන මල්කාන්ති ජයසිංහ පසුගිය දිනෙක සැවෝයි සිනමා ශාලාවට ආවේ කලාතුරකින් ලැබුණු අවස්ථාව පැහැර නොහරිමින් ‘මම නොවේ‘ චිත්‍රපටය නැරඹීමටය. එහිදී එම සිනමා පටයේ රංගනයේ නියැළුණු දිල්හානි ඒකනායක සහ සංජීව උපේනද්‍ර හමුවීමෙන් සතුටට පත් වූ මල්කාන්ති ඔවුන් දෙදෙනා වැලඳගන්නට පෙර ක්ෂණයකින් දිල්හානිත් සංජීවත් ඇය වැලඳගැනීම නිසා සිදු වූයේ කුමක්ද කියා සිතා ගැනීමට නොහැකිව සිටියාය. ඒ මොහොතේ වූ සිදුවීම නිසා මල්කාන්තිට යථා තත්ත්වයට පත්වන්නට සුළු මොහොතක් ගත විය. ඉන් පසු එතැන සිටි ඡායාරූප ශිල්පීන්ගෙන් ඇය ඉල්ලා සිටියේ විගහින් අපි තුන්දෙනාගේ පින්තූරයක් ගන්න කියාය. මේ ඇයගේ ඉල්ලීම ඉටු වූ අයුරුයි.