වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
අනර්කලී පුදුම කළ සුබපැතුම

ඉටිපහන් ටෙලි නාට්‍ය යෙන් රංගනයට පිවිසි අනර්කලී ආකර්ෂාට මේ දිනවල මුහුණු පොතේ සුබපැතුම් ගලා එනවා. ඒ ඇය විසින් පසුගිය දා එහි පළ කළ පවුලේ ඡායාරූපය නිසා. එහි සිටින්නේ අනර්කලී සමඟ ඇයගේ සැමියා සහ බිලිඳායි. විදේශයක පදිංචිව සිටින නිසා ඇගේ හොඳම විනෝදාංශය වී ඇත්තේ පැරැණි සහ අලුත් ඡායාරූප මුහුණු පොතේ පළ කිරීමයි. මෙය නොදන්නා බොහෝ දෙනා ඇගේ අලුතෙන් එකතු වන ඡායාරූප සඳහා විවිධ ප්‍රතිචාර එක් කරන්නට යුහුසුලු වනවා. එය දුටු අනර්කලී පුදුමයට පත් වී ඇති බව දැනගන්නට ලැබුණා. හේතුව අලුත ඉපදුණු බිළිඳකු ලෙස පෙනුණත් දැන් ඒ බබාගේ වයස අවුරුද්දකටත් වැඩි නිසාය.