වැලිකතර යළි බලන්න සුවිනීතා ඇවිත්

මැයි 12, 2022

1971 වසරේ තිරගත වූ ආචාර්ය ඩී.බී නිහාල්සිංහගේ සිනමා නිර්මාණයක් වූ වැලිකතර චිත්‍රපටය පනස් එක් වසරකට පසු පසුගියදා නැවතත් තිරගත කෙරුණි. හෝමාගම ලේඛා සිනමා ශාලාවේදී පැවති එම දර්ශනයට ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වූයේ එහි ගීතා රන්දෙණිය ලෙසින් ප්‍රධාන කාන්තා චරිතයට පණ පෙවූ සුවිනීතා වීරසිංහය.

වැලිකතර චිත්‍රපටය ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම වෘත්තාන්ත නිර්මාණය සේම ප්‍රථම පුළුල් තිර වෘතාන්ත චිත්‍රපටයද වේ. ගාමිණී ෆොන්සේකා, සුවිනීතා වීරසිංහ, ජෝ අබේවික්‍රම, දේවිකා කරුණාරත්න, නවනන්දන විජේසිංහ, දයානන්ද ජයවර්ධන ඇතුළු පිරිසක් එහි රංගනයෙන් දායක වූහ. වැලිකතර කතාව සහ තිරරචනය ආචාර්ය තිස්ස අබේසේකර ගෙනි.

ඡායාරූපය - වැලිකතර දර්ශනය ඇරැඹීමට පෙර සුවිනීතා වීරසිංහ පොල්තෙල් පහන දැල්වූ අවස්ථාව. මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොල, සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කේ.ජයසුන්දර, ප්‍රවීණ ගායිකා නිරංජලා සරෝජනී, ප්‍රවීණ නිවේදක ගුණසේකර කේ. පතිරණ පසෙකින් වෙති.