නිළි රැජනගේ උපන් දිනයේ උදාර වූ පින්කමක්

මැයි 12, 2022

 

සිංහල සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය පසුගිය අප්‍රේල් මස 30 වැනිදාට යෙදී තිබුණි. ඇයගේ දිවියේ සුවිශේෂ වූ එම ජන්ම දිනය සැමරුවේ මහඟු පුණ්‍ය කර්මයක් සිදුකරමිනි. ඒ වෙනුවෙන් කිතලගම නන්දසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඇය වාද්දුව දෙල්දූව පුරාණ රජමහා විහාරයේ දී කුල දරුවකු පැවිදි කරමින් සියක් නමක් උදෙසා දානමය පුණ්‍ය කර්මයක් සිදු කළාය. එහිදී මිහිරංග කේෂාන් නම් කුලදරුවා වැලිගම සුධම්මධීර හිමි නමින් පැවිදි දිවියට පත් වූයේ මව ලෙස මාලිනියගේ භාරය යටතේය. වැලිගම සුධම්මධීර හිමිගේ වැඩිමහල් සොයුරාද මීට වසරකට ඉහතදී මෙම විහාරස්ථානයේදීම පැවිදි දිවියට පත් විය. ගිහි කල ඉතා කුඩා වියේදී මෙම දරුවන් දෙදෙනා විහාරස්ථානය අසල අතරමං කර දමා ගොස් සිටියදී කිතලගම නන්දසාර ස්වාමීන් වහන්සේ පන්සල භාරයේ තබා ඔවුන් රැකබලා ගත්හ.

ඡායාරූප - උපුල් නිශාන්ත