ලණුගෝනි පැටලී සුභානි වැටිලා

මැයි 5, 2022

 

ප්‍රසංග වේදිකාවේ කියවෙන නම් අතර ඉන්න ගායිකාවක් වන සුභානි හර්ෂණී වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේදී නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට වෙලා කියලා අපට දැනගන්නට ලැබුණා. කවිලිව්වට කොලේ පිරෙන්න, රුහුණුු කුමාරියන් ගෙදර ගියාට එදා නම් ඇය තමන්ගේ පෞද්ගලික මෝටර් රථයෙන් මෙම ප්‍රසංගයට සහභාගි වෙල තියෙන්නේ තරමක් ප්‍රමාද වෙලයි. ප්‍රසංග වේදිකාවේ සිදුවන්නේ ලිස්ට් එකේ නම තියෙන විදිහට ප්‍රේක්ෂකයන් පිනවීමයි. ඒ නිසා ඇය වැහිබර කාලගුණයත් සමඟින් වේදිකාවට ගොඩ වන්නට වූයේ වේදිකාව තරමක් ලිස්සා යන නිසා ලණු පැදුරු දමා තිබූ නිසාවෙන් උල් අඩි උස සපත්තුව පැටලී දඩෝරියන් ගාගෙන සුභානි ඇදවැටුණේ බලන් සිටි රසියන්ද පුදුමයට පත් කරමින්ය. ලැජ්ජාව පසකලා නැඟිටගත් සුභානි කියා සිටියේ ලණු පැදුරුවල හිල්නේ. “මට රිදුනෙත් නෑ. මම ඔයාලා වෙනුවෙන් ආවේ සින්දු කියන්නයි” කියා රසිකයන් පිනවන්නට විය.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න