අහඹු හමුවීමක්

මැයි 5, 2022

ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ට් හා ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න අතර පසුගිය 23 වැනි දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සොඳුරු හමුවීමක් සිදුවූයේ වසර ගණනාවකට පසුවයි. ඒ ප්‍රවීණ රංගවේදී සෝමසිරි දෙහිපිටියගේ 40 වැනි සමරුම් උත්සවයේදීය. 70 දශකයේ ඩොනල්ඩ් කරුණාරත්නගේ කැමරාව තරම් තවත් ඇසක් නොවූ බවයි සිනමාව රස විඳි ප්‍රේක්ෂකයන් කියාපාන්නේ. ඒ ඔහු අපේ මතකයේ රූ රටා සිනමාපට බහුතරයක කැමරා ශිල්පියා නිසාවෙනි. සමන්ටත් - ඩොනල්ඩ්ටත් දිගුකලකින් හමුවී බොහෝ දේ කතා කිරීමට තිබුණි. ඒ හමුවීම කාගෙත් සොඳුරු මතකසටහන් පොතට එක්කර ගන්නට අවස්ථාවක් කර ගත්තේය.