විල්සන් කරු සමුගනී

මැයි 5, 2022

 

සිංහල සිනමාවේ වැජඹුණු තවත් දුෂ්ට නළුවෙක් නික්මයයි. ඔහු රුවින් මෙන්ම නමින් ඔබ හොඳීන් හඳුනන විල්සන් කරූය. විල්සන් කරූ සිනමාවට පිවිසෙන්නේ හදවත් නැත්තෝ චිත්‍රපටයේ සටන් ජවනිකාවකිනි. ඉන් අනතුරුව සිනමාපට රැසක ඔහු ප්‍රධාන දුෂ්ට චරිතය රඟපාන්නට ඇරැයුම් ලැබෙයි. සටන් නළුවාට පරිබාහිරවූ දුෂ්ට නළුවා ඉස්මතු කරන්නට විල්සන් නිතරම උත්සාහ දැරීය. එහෙයින් ඔහුට කෙටි කලක් ඇතුළත සිංහල සිනමාවේ නමක් දිනාගන්නට හැකිවිය. විල්සන් රඟපෑ චිත්‍රපට අතරින් සසර චේතනා, සත්වෙනි දවස, කොටි වලිගය, දෙමෝදර පාලම, දිනුම එකදා වැහි, වරදට දඬුවම, පාර්ලිමන්ට් ජෝක්ස්, සරදියෙල්ගේ පුතා, සංඛපාලි, වජිරා, නොම්මර එකයි, ගෙදර බුදුන් අම්මා වැනි චිත්‍රපට කැපී පෙනෙයි. 1942 ඔක්තෝබර් 28 උපත ලැබූ විල්සන් කරූ මෙම මස 03 වැනිදා අප අතරින් සදහටම සමුගත්තේය. ඔහුගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරිණි.