රශ්මි දින 50යි

මැයි 5, 2022

 

මේ දිනවල තිරගතවන රශ්මි සිනමාපටය තිරගත වීම ආරම්භවී දින 50 සපිරුණි. එය මේ වනවිට ගම් මට්ටමේ සිනමාශාලා රැසක ප්‍රදර්ශනය වේ. රශ්මි සිනමාපටය ප්‍රීතිරාජ් වීරරත්නගේ අධ්‍යක්ෂණයකි. මෙහි රංගනයට උපේක්ෂා ස්වර්ණමාලි, පුබුදු චතුරංග, අකලංක ගනේගම, ලකී ඩයස්, රජිත හිරාන්, අනුෂා රාජපක්ෂ, නෙතු ප්‍රියංගිකා, ලක්ෂිකා ජයවර්ධන, සංඛ ප්‍රසාද්, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, විමල් කුමාර් ද කොස්තා, ජයසේකර අපෝන්සු, දුලිකා මාරපන, විල්සන් කරු, සරත් සිල්වා, ටෙඩී විද්‍යාලංකාර, කීර්ති රංජිත් පීරිස් රශ්මි දායක වී තිබේ. මහේන්ද්‍ර පෙරේරා, සුසිලා කෝට්ටගේ, මානෙල් වානගුරු, මානෙල් චන්ද්‍රලතා, මියුරි සමරසිංහ සහ රුවන්ති මංගලා ආරාධිත රංගනයෙන් දායක වූ නළු නිළියෝය.