භූපතිට සෆිර්ගෙන් යෝජනාවක්

අප්‍රේල් 28, 2022

 

භූපති නලින් වික්‍රමගේ දැකපු ගමන් හැමෝම කියන්නේ ගන්නේ ‘දැකල පුරුදු කෙනෙක්’ කියලයි. ඒ වෙන හේතුවක් නිසා නොව ඔහු තිර රචනය කළ ‘දැකල පුරුදු කෙනෙක්’ චිත්‍රපටය නිසයි. එය 2018 වසරේ සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබිය. ඒත් මේ කියන කතාව පසුගිය දා තිරගත වූ එම්. සෆිර්ගේ “මම නොවේ” සිනමා පටය නැරඹිමෙන් පසු භූපති හා සෆීර් අතර සිදු වූ කතාවකි.

එහිදී භූපති සෆිර්ගේ අත අල්ලාගෙන කියන්නට වුනේ “මචන් මට කිව්වා නම් මම උඹට හොඳ තිර රචනයක් ලියනවානේ. උඹල හොරෙන් වැඩ කරලා අපිට බලන්න එන්න කියනවානේ. ඒ මදිවට කමෙන්ට් කරන්නත් කියනවා.” එවිට “කමක් නෑ. මගේ ඊළඟ සිනමා පටයේ තිර රචනය දැන්ම ඉඳන් ලියන්න පටන් ගන්න” යැයි කියමින් සෆිර්, භූපතිව සැනසුයේ සියලු දෙනා සිනහා ගන්වමිනි.