වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
සහය චරිතය ප්‍රධාන චරිතයට අලෝකයක්

සෝමසිරි දෙහිපිටියගේ කලා දිවියේ වසර 40ක් සපිරිම නිමිත්තෙන් ගුණ අනුස්මරණ උලෙළ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය දින තරංගනී සිනමා ශාලාවේදි පැවැත්විණි. ඒ අතර කාගෙත් අවධානයට යොමු වූ චරිත දෙකක් විය. ඒ කෞශල්‍යා ප්‍රනාන්දු හා ඡායා ශ්‍රී නම්මුනිය. ඡායා දැනට නීති වෘත්තියේ ද නියළෙන්නිය. මේ දෙදෙනා කතා කරන්නට වුයේ ප්‍රධාන චරිතවලට අලෝකයක් වන සහය චරිත අගය කිරීම කොච්චර වටිනවාද කියායි. ඒ වෙන හේතුවක් නිසා නොව ඕනෑම නිර්මාණයක කරින් කර රංගනයේ යෙදෙන්නේ සහය චරිත නිසාවෙන් ය. “අපිත් ඒ වගේනේ. ඒ නිසා කවදා හරි දවසක අපිටත් උපහාර තියන්න මේවා ආදර්ශයට ගනිවී” කියා දෙදෙනාම සිනාසුණහ.