උස අයට සුබපතන ක්‍රමය

අප්‍රේල් 28, 2022

හේමාල් රණසිංහ රංගනයේ යෙදෙන “ආශාවරී” සිනමාපටය මේ දිනවල ප්‍රදර්ශනය විය. එහි මංගල දර්ශනයට ගයනා සුදර්ශනිටත් ආරාධනා පත්‍රයක් ලැබී තිබුණත් ඇයගේ කාර්ය බහුලතාවය නිසා එහි යාමට නොහැකි වූ බව දැනගන්නට ලැබුණි. පසුගිය දිනෙක ගායනාට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක උත්සවයකදී හේමාල් හමු වූ අවස්ථාවේ ඇය ඔහුට සුබපතන්නට අවස්ථාවක් උදාකර ගත්තාය. හේමාල් උස පුද්ගලයෙකු නිසා ගයනාට සුභපතන්නට තරමක් අපහසු විය. පසුව එය තේරුම් ගත් හේමාල් ගයනාට යෝජනා කළේ එතැන තිබූ පුටුවේ ඉඳගන්නා ලෙසය. පසුව හේමාල් පහත් වී ඇයට සුභපත්නනට මුහුණ දිගු කළේය. ඒ අවස්ථාවේ ගයනා හේමාල්ට හාදුවකින් සුබ පැතුවාය.