ඉන්නකොට ඇගැයීම වටී

අප්‍රේල් 28, 2022

 

වෙස්ගත්තෝ වේදිකා නාට්‍යයෙන් කලා ලොව එකලු කළ නාමෙල් වීරමුණි සොඳුරු කලාකරුවකි. ඔහුගේ දිවිගමනට සහය වන මාලිනි වීරමුනි යෝධ සෙවණැල්ලක් මෙන් ඒ දිවි ගමනේ එක්ව සිටින්නීය. මේ යුවළ පසුගිය දිනක ඔවුන් සමඟ කලා ලොවේ එකට රංගනයේ යෙදුණු සෝමසිරි දෙහිපිටිය කලාකරුවාගේ ගුණ අනුස්මරණය වෙනුවෙන් පැමිණියේය. “කලාකරුවකු ජීවතුන් අතර නැති කලට වඩා වටින්නේ ජීවත්ව සිටිනා කාලයේදී අගය කිරීමයි”. නාමෙල් - මානෙල් යුවළ පවසා සිටියේ එහි පැමිණි සහෝදර කලාකරුවන් සමඟ සුහද කතා බහකදීය.