සිතුවම් පොතක පිටුවක් වැසේ

අප්‍රේල් 28, 2022

 

බෙයාෆුට් කලාගාරයේ නිර්මතෘ මෙන්ම සභාපතිනිය වූ ද ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පිනියක ගෘහ නිර්මාණ ශිල්පිනියක මෙන්ම චිත්‍ර ශිල්පිනයක හා ගත් කතුවරියක වූද කලාසූරි ආචාර්ය බාබරා සන්සෝනි ලෙව්කොක් මහත්මිය පසුගිය 23 අභාවප්‍රාප්ත වුවාය. මිය යන විට ඇය 94 වැනි වියට පා තබා පැයක් ගත වූවා පමණි.

1928 අපේ‍්‍රල් 22 වැනිදා නුවර උපන් ඇය ඩොමිනික් සන්සෝනි සහ සයිමන් සන්සෝනි යන පුතුන්ගේ ආදරණීය මවය. ඇයගේ පළමු ස්වාමිපුරුෂයා වුයේ නීතිඥවරයකු මෙන්ම නාවික හමුදාවේ ලුතිතන්වරයකු වූ හිල්මන් සන්සෝනි මහතාය.

කුඩා කල සිටම ගොඩනැගිලිවල ස්වරූප පිළිබඳ උනන්දුවක් දැක් වූ ඇය ගෘහනිර්මාණ ශිල්පය කෙරෙහි ද උනන්දුවක් දැක්වුවාය. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ මෙන්ම ඉන්දියාවේ කොඩෙයි කනාල් හි අධ්‍යපනය ලැබූ ඇය උසස් අධ්‍යපනය සඳහා වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර චෙල්සි ස්්කූල් ඔෆ් ආර්ට් ආයතයෙන් ලලිතකලා උපාධිය හිමිකරගත්තාය.

1950 දී පෙරළා ලංකාවට පැමිණි ඇය තරුණ කාන්තාවන් අතර අත් යන්ත්‍ර රෙදි පිළි විවිමේ කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වත්තල යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන් මෙහෙය වූ ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කළාය. පසුව 1958 වසරේ දී බෙයාෆුට් ආයතනය ආරම්භ කරමින් ගැමි කාන්තාවන් අතර රෙදි විවීමේ කර්මාන්තය මඟින් ඔවුන් බලගැන්වීමට කටයුතු කළාය.

එසේම එවක පැවතුණු ඉංගී‍්‍රසි පුවත්පත් වූ සිලෝන් ඩේලි මිරර් සහ ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතවලට නිදහස් මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළාය. එහිදී ඇය ගෘහ නිර්මාණ ඇසුරෙන් අඳින ලද සටහන් ප්‍රවීණ ගෘහනිර්මාණ ශිල්පීන් වූ ජෙෆ්රිබාවා සහ උල්රික් ප්ලෙස්නර් වැනි අයගේ ලිපි සඳහා ද යොදා ගැනිණි.

සන්සෝනි මහතාගේ අභාවයෙන් පසු රොනල්ඩ් ලෙව්කොක් මහතා සමඟ විවාහ වූ පසු ඇය ඔහු සමඟ එක්ව ඍඪඩචපචඵ චදඤ ඍචපචදඤචඩඵ (1978) කෘතිය ද ලකී සේනානායක සමඟ එක්ව ඊඩඥ ඒපජඩඪබඥජබභපඥ ධට චද ධ්ඵතචදඤ (1998) කෘතිය ද සිය ප්‍රථම ළමා කෘතිය වූ ර්ඪඵඵ ජ්භ චදඤ ඊඪඬඪපඪ ඕචදඤචපච (2002) ද රචනා කළ අතර 2014 දී ඒ ර්‍ථචඵඵඪධද ජ්ධප ජ්චජඥඵ කෘතිය ද රචනා කළාය.

එසේම ඇයගේ අත්යන්ත්‍ර රෙදි මෝස්තර මෙන්ම චිත්‍ර ආදිය ප්‍රදර්ශන ආසියානු, යුරෝපීය සහ උතුරු ඇමරිකා මහාද්වීපික රටවල පවත්වන ලදි.

විවිධ ව්‍යවසායකත්ව සම්මාන වලින් පිදුම් ලබා ඇති ඇය 2005 වසරේදී කලාසූරී සම්මානයෙන් ද 2011 දී ජෙෆ්රි බාවා යාවජීව සම්මානය ද 2016 දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මඟින් පිරිනැමුණු දර්ශනශූරී ගෞරව උපාධියෙන් ද පිදුම් ලැබුවාය.