සෝමසිරි දෙහිපිටිය ගුණ සැමරුම

අප්‍රේල් 28, 2022
පියාණන්ගේ සේයාරුවට පුතු සහ දියණිය මව සමඟ එක්ව පුෂ්පෝපහාර පුදනු ලැබූ අවස්ථාව

ප්‍රවීණ රූපණවේදී අභාවප්‍රාප්ත සෝමසිරි දෙහිපිටියගේ 40 වැනි ගුණ සැමරුම් උත්සවය පසුගිය 23 වැනි දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. සෝමසිරි දෙහිපිටියගේ පුතණුවන් දමිත් දෙහිපිටිය, දියණිය නයනාංජලී දෙහිපිටිය සහ පවුලේ සාමාජිකයන් එක්ව සංවිධානය කරන ලද මෙම උලෙළට දෙහිපිටියගේ සමීපතම මිත්‍රයන් හා කලාකරුවන් රැසක් පැමිණ සිටියහ. එහිදී විශේෂ සමරු කළාපයක් හා සමරු තිළිණයන් පිරිනැමීමද සිදු විය. මේ එම උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයකි.