වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
ශානිකාගේ අඩව්ව

වසර 35ක් තිස්සේ ගීත ගායනා කරමින් ශානිකා වනිගසේකර ප්‍රසංග වේදිකාවේ පේ්රක්ෂකයන් අතර ජනපි‍්‍රය වූ ගායිකාවකි. ඇය පසුගිය දිනක ෆ්ලැෂ් බැක් සංගීත කණ්ඩායම සමඟ පැවැත්වුණ සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට ගියාය. ඇගේ ගායන ජීවිතේ කොහේ ගියත් ඇය වැලඳගන්න කෙල්ලො කොල්ලෝ අඩුවක් නොවේ. ප්‍රසංග වේදිකාවේ සිටි නාලක කළුමුල්ල සමඟ විහිළු තහළු කරමින් සිටි ශානිකාට ප්‍රසංගය රසවත් කිරීමේ වාරය එළඹිණි. නිවේදක නම කියූ පමණින් කලබල වූ ශානිකාට සිදුවුණේ නොසිතු දෙයකි. පනින්නට පෙර සිතා බලන්න කිව් ප්‍රස්ථාපිරුළ එසේ වුවත් ශානිකා පනින්නට පෙර සිතා නොබැලීමකි වුණේ. ඇය වේදිකාවේ තිබූ මොනිටරයක කකුල පැටලීල බිම වැටුණේ මහ හඬක් නඟමින්. රසික ජනයා බලා සිටියදී වැටීම අඩව්වක් කරගත් ශානිකා එසැණින් නැගිට නැවත ගීත ගායනා කළාය. වේදනාව දරා ගත නොහැකි වූ ශානිකාට දැන් ස්ටේජ් නගින විට ඇත්තේ බියකි.
සේයාරූ - නිශ්ශංක විජේරත්න