වර්ෂ 2022 ක්වූ July 05 වැනිදා Tuesday
සම්මානෙත් අරන් රට

වසර 13ක් තිස්සේ සම්මාන උලෙළක් සඳහා උදාරි වර්ණකුලසුරිය තමාගේ නම නිර්දේශ වෙයි කියලා බලා හිටියා. ඒ කිසිදු වසරක තමන් දායක වුණ ටෙලි නිර්මාණයකට ඇයගේ නම ඇතුළත් වුණේ නෑ. එහෙත් සම්මාන ලැබීමට වඩා ගුණාත්මක නිර්මාණවලට රංගනයෙන් දායකවීම ඇයගේ එකම අභිප්රාය වුණා. ඒ වගේම ඇයට පේ්රක්ෂක ප්රතිචාරවලත් අඩුවක් තිබුණේ නෑ. මේ අතර 2020/21 වසර රයිගම් සම්මාන උලෙළ සඳහා ඇයට ආරාධනා පත්රයක් ලැබුණි. මේ නිසා තම ස්වාමියා සහ දරුවා සමඟ සිංගප්පූරුවේ සිට ඇය ලංකාවට පැමිණියා. වෙනදාට උදාරි පැමිණෙන්නේ තම සහෝදර ශිල්පීන් වෙනුවෙන් අත්පොළසන් දිමටයි. ඒත් සම්මාන උලෙළේ 2020 හොඳම නිළිය නිර්දේශිත නාමාවලියේ ඇයගේ නම ද සඳහන් වුණා. උදාරිට වසර 13ක් බලා සිටි සම්මානය මෙවර හිමිවුණා. සම්මාන උලෙළෙන් පසුදින කාටත් නොකියා උදාරි තම ස්වාමියා දරුවා සමඟ විදෙස් ගත වූවා.
සේයාරූ - නිශ්ශංක විජේරත්න