ශලනිගෙන් වැලන්ටයින් තෑග්ගක්

පෙබරවාරි 17, 2022

වසර 28කට පසුව වාර්තා අලුත් කරමින් පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේදී හොඳම රංගන ශිල්පිනිය සහ ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස සම්මානනීය වුණු ශලනි තාරකා නිරන්තර ප්‍රේක්ෂක අවධානයට ලක්වන තාරකාවක්. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන "කියාදෙන්න ආදරේ තරම්" ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. එහි ප්‍රධාන චරිත වන ස්නේහාගේ සහ නිර්වාන්ගේ චරිත නිරූපණය කරන්නේ ශලනි තාරකා සහ නවක රංගන ශිල්පී සචින් ලියනගේ. ශලනි තාරකා සහ සචින් ලියනගේ මෙවර ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ප්‍රේක්ෂකයන්ට අපූරු තිළිණයක් දීලා තියෙනවා. ඒ ඔවුන්ගේ නර්තන වීඩියෝ පටයක්. එය පෙබරවාරි 14 වැනිදා ශලනි සිය යූටියුබ් නාළිකාවෙන් එළිදැක්වුවා. කෙසේ වුවත් ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේද ආදරවන්තයින් බවට කටකතා පවතිනවා.