නිපුණිකාටත් දරු සුරතල්

පෙබරවාරි 17, 2022

නිපුණිකා හේවාගමගේ කියන්නේ නිවේදිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසිලා කලක් ටෙලිනාට්‍ය ‍තුළ ජනප්‍රියත්වය, ජනාදරය ලැබූ ශිල්පිනියක්. ඇය 2021 ජනවාරි මස ළහිරු දිසානායක සමඟ යුගදිවියට පිවිසුණා. ඔවුන්ගේ විවාහයෙන් පසුව කලා කටයුතුවලින් පවා ඉවත් වුණා. දැන් ඇය සුරතල් සිඟිත්තියකගේ මවක්. ඇගේ දියණියගේ නම "කායා". පසුගිය දිනක ඔවුන්ගේ පවුලේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණා.