දෙරණ නාළිකාව විසින් නිෂ්පාදිත ගීත හතරක් දෙමළ බසට

ජනවාරි 27, 2022

මෙරට වත්මන් කලා නිර්මාණවල ඉතිහාසය පිරික්සූ කල සිංහල දෙමළ සහෝදරත්වයට, සබැඳීයාවට ඇත්තේ සියවසකට වැඩි ඉතිහාසයකි. ඊටත් එහා රාජාණ්ඩු සමයේදීද මෙරට සාහිත්‍ය සහ කලා නිර්මාණවලට ආභාෂය ලැබී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. මෑත යුගයේ මෙරට වත්මන් සිනමා ඉතිහාසය සහ ගීත ඉතිහාසය පිරික්සූ කලද ඒ සඳහා සාක්ෂි ලැබේ. සිංහල දෙමළ සහජීවනය පිළිබඳ කථිකාවතේදීද සිංහල කලා නිර්මාණ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සහ දෙමළ කලා නිර්මාණ හෙළ බසට පරිවර්තනය කිරීම පෙරමුණ ගනී. මෙරට කාලාන්තරයක් තිස්සේ පැවැති සිංහල දෙමළ සහසබඳතාව අලුත් කරනුවස් ටී.වී දෙරණ නාළිකාව සහ ව්චඤඪ.තඬ විසින් අපූරු කර්ත්‍යවයක් සිදු කරනු ලැබීය.

එය නමින් Isai Sangamam’  නමින් හඳුන්වන ගීත එළිදැක්වීමේ උත්සවයකි. මෙය දෙරණ නාලිකාවෙන් විකාශය කළ "පොදු" ඇතුළු කතා මාලා කිහිපයක ඇතුළත් වූ ගීත හතරක දෙමළ ප්‍රතිනිර්මාණයි. මෙම ගීත එළිදැක්වීමේ උත්සවය පසුගිය ජනවාරි 21 වැනිදා Colombo City Centerහි Scope Cinemas පරිශ්‍රයේදී පැවැත්වීය. එහිදී මෙරට දක්ෂතම ගායකයින් සිව් දෙනෙක් විසින් ගායනා කළ දෙමළ ගීත හතරක් etunes.lk හරහා නිකුත් කරනු ලැබීය. එම ගීත පෙළ පහත පරිදි වේ.

"Nilavaa Nada Nadanthu"

ගායනය - ශධීර් අහමඩ්

පද රචනය - පොතුවිල් අස්මින්

සංගීතය - චතුරංගන ද සිල්වා

 

"Mottu Vitta Poongodi"

ගායනය - ගෝකුලන් ශාන්තන්, සුදර්ශිනී

පද රචනය - පොතුවිල් අස්මින්

සංගීතය - චතුරංගන ද සිල්වා

 

"Naanagha Naanum Illai"

ගායනය - කුගනේශ්වරන්, සුදර්ශිනී

පද රචනය - පොතුවිල් අස්මින්

සංගීතය - චතුරංගන ද සිල්වා

 

"Thulli Ezhunthidu Thozha"
 

ගායනය - රවී රොයිස්ටර්

පද රචනය - පොතුවිල් අස්මින්

සංගීතය - නිමේෂ් කුලසිංහ

ලවන් අභිෂේක් සහ කමනි ලසන්තිකා ගයන "හැඩකාරී" ගීතයේ දෙමළ ප්‍රතිනිර්මාණය ‘Naanagha Naanum Illai’  යනුවෙන් හැඳීන්වෙන අතර, පූර්ණ සචින්ත ගායනා කරන "විදුලි කොටයි" ගීතය ‘Nilavaa Nada Nadanthu’ නමින් ප්‍රතිනිර්මාණය කර ඇත. රවීන් කණිෂ්ක සහ නුවන්දිකා සිරිවර්ධන ගයන "මලෙන් උපන් සමනළී" ගීතය  ‘Mottu Vitta Poongodi’  නමින්ද, රවී රොයිස්ටර් ගායනා කරන "වැල්ලෙන් තෙලද මවාලා" ගීතය  ‘Thulli Ezhunthidu Thozha’  නමින්ද, දෙමළ බසින් නිකුත් වී ඇත. "වැල්ලෙන් තෙලද මවාලා" ගීතය ගයන රවී රොයිස්ටර් විසින්ම එහි දෙමළ ගීතය Thulli Ezhunthidu Thozha’ ගැයීම විශේෂත්වයකි.

මෙම උත්සව අවස්ථාවේදී දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් මේ ගීත නිල වශයෙන් එළිදැක්වූ අතර නෙලුම් ජයවීර, දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා, පද රචක පොතුවිල් අස්මින්, චතුරංගන ද සිල්වා සහ නිමේෂ් කුලසිංහ ඇතුළු පිරිසක් මීට සම්බන්ධ විය. මුදලඝු, මහින්දකුමාර්, ඩිරෝන් ෆර්නෑන්ඩෝ, කින්ග් රත්නම් වැනි දෙමළ කලා ශිල්පීන් බොහෝ දෙනෙකු මෙම අවස්ථාවට සම්බන්ධ වුණු අතර

දර්ශන්, ජීවිතන්, ආධිල් ඔස්මාන්, පූර්විකා රාසසින්ගම් සහ  Angel Queentus  ඇතුළු දෙමළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් ද මීට එක් විය.

 

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න