වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
කථානාද සිනමාවට වසර 75ක් චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සැමරු අයුරු

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 75ක් සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ සැමරුම් උලෙළ පසුගිය දින තරංගනී සිනමා ශාලාවේදි පැවැත්විණ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය ගුණපාල රත්නසේකර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ආචාර්ය සුමිත්‍රා පීරිස් ප්රමුඛ සිනමා ක්ෂේත්රයේ කලා ශිල්පින්ගේ සහභාගිත්වයෙන් පැවත්විණි. මෙහිදි සිංහල සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ආචාර්ය සුමිත්‍රා පීරිස් වෙත ගෞරව සම්මානයක් හා චිත්‍රපට සංස්ථාවේ සිනමා ඩිප්ලොමාව ලැබූ නිර්මාණකරණයට පිවිසි අන්තර්ජාතික ඇගැයීමට ලක් වූ අධ්යක්ෂවරුන් අට දෙනකුට සම්මාන පිරිනැමිණි. ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරිම මුල්කරගෙන මුල්දින විශේෂ සමරු කවරයක් හා මුද්දරයක් එළිදැක්වීම සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 25 දෙනකුගේ අභිවෘද්ධිය සඳහා විශ්‍රාම වැටුප් පිරි නැමීය. මෙයට සමගාමීව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආතර් යු. අමරසේනගේ සිංහලයේ මහා සිනමා වංශය දෙවැනි කොටස එළිදැක්වීම, චිත්‍රපට සඟරාවේ විශේෂ කලාපය ජනගත කිරීමද සිදුකෙරිණි.
සටහන -සේයාරූ- නිශ්ශංක විජේරත්න