තරිඳු බණ්ඩාරගෙන් කෙටි චිත්‍රපට දෙකක්

ජනවාරි 27, 2022

තරිඳු බණ්ඩාර විසින් “ද පෑඩ්” (කාල පත්කඩ) සහ ද ස්වෙට් (දහදිය) නම් කෙටි චිත්‍රපට ද්විත්වයක් අධ්‍යක්ෂණය කර තිබේ. ලිහිණි හේවගේ සහ මහේෂ් සඳරුවන් මෙම කෙටි චිත්‍රපටයන්හි රංගනයෙන් දායක වෙති. මේ සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් ජනිත් ගුණසේකර, සහාය අධ්‍යක්ෂණයෙන් චමත් ප්‍රියදේව, සංගීත අධ්‍යක්ෂණයෙන් ඉඳුවර සූරියබණ්ඩාර, සංස්කරණයෙන් ප්‍රභාත් මංජුල, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, වේශ නිරූපණය පසිඳු මුහන්දිරම්, නිෂ්පාදන කළමනාකරණය නිපුණ සූරියආරච්චි, ඩ්‍රෝණ කැමරා ක්‍රියාකරු පූර්ණ ඉඳුනිල්, ගායනය ශයිනි ප්‍රනාන්දු, දෙවන සහාය අධ්‍යක්ෂණය ධනුෂ තීක්ෂණ, ලඝු සැකසුම හරින්දි ඇලෙක්සැන්ඩර්, නිශ්චල ඡායාරූපකරණයෙන් භූමි වික්‍රමසිංහ සහ භාග්‍ය සේනානායක, ශබ්ද පරිපාලනයෙන් මිතුන් කරුණාතිලක, පළමු කැමරා සහය ජගත් සුසන්ත කුමාර, දෙවන කැමරා සහාය නිමල් ලසන්ත, ආලෝකකරණ සහය චමිඳු අල්විස්, ශබ්ද පටිගත කිරීම සිත්මිණ ගුණතිලක දායක වී ඇත.

නිෂ්පාදන සහාය මහේෂ් සඳරුවන්, තරිඳු බණ්ඩාර, ධනුෂ්ක එරන්ද, සඳරු රත්නායකගෙනි. මෙම වසරේ තිරගත වීමට නියමිත සංඝටන චිත්‍රපටය තරිඳු බණ්ඩාරගේ අධ්‍යක්ෂණයකි. ඔහු මීට පෙර කෙටි චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කර ඇති අතර සිනමා උලෙළ කිහිපයකදීම ඇගයීම්වලට පාත්‍ර වී ඇත.