වර්ෂ 2022 ක්වූ May 28 වැනිදා Saturday
ඇස් වැඩ පටන් ගනි

සමිර හසුන් අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි නාට්‍ය “ඇස්” වැඩ කටයුතු පසුගිය දින ඇරඹිණි. දිනේශ්වර පුංචිහේවා තිර රචනයන් දායක වන “ඇස්” ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි. එහි මුහුරත් උලෙළ කොළඹ සිනොර් උත්සව ශාලාවේදි පැවත්විණි. ගිත්මා බංඩාර, කුමුදිත, අෂේන් සිරිවර්ධන, කෞමීණි තත්සරණි, ජයනි සේනානායක, බුද්ධික ජයරත්න, නිරෝෂන් විජේසිංහ, වසන්ත විට්ටච්ච්, පියුමි බොතේජු, චතුර රාජපක්ෂ, කිංස්ලි ලෝස්, වසන්ත මුහන්දිරම් රංගනයෙන් දායක වේ. එම්.ජි. පද්ම කුමාර කැමරා අධ්‍යක්ෂණයෙන්ද, කලා අධ්‍යක්ෂණය ගිහාන් බාලඅරච්ච්, වේෂ නිරුපනය සාලිය ජයවර්ධන, සංස්කරණය චන්දන ලියනගේ, සහාය අධ්‍යක්ෂණය තරිදු අරච්ච්ගේ, නිෂ්පාදන සැලසුම් රංජන් ප්‍රසන්න, නිෂ්පාදන සම්බන්ධීකරණය සුරංග දසනායක, නිෂ්පාදන කළමනාකරණය සංගීත් කුමාරගෙනි.
නිරෝෂා හොරණගේ නිෂ්පාදනයකි.
සටහන සේයාරු-නිශ්ශංක විජේරත්න