“කන්දක් සේ මා” ළඟදීම එතැයි සුමිත්‍රාගෙන් ඉඟියක්

ජනවාරි 27, 2022

 

ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධගේ ජනප්‍රිය නවකතාවක් වන "කන්දක් සේ මා" ඇසුරෙන් නිෂ්පාදිත ‘කන්දක් සේ මා’ චිත්‍රපටය ළඟදීම තිරගත වන බවට ඉඟියක් සුමිත්‍රා රාහුබද්ධ තම ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත. එම ප්‍රකාශය පහත පරිදි වේ.

"කන්දක් සේමා එතැයි බලා සිටින ඔබට කුමක් කියම්දැයි නොතේරෙයි. එහෙත් බලාපොරොත්තුව අපට තියේ හෙට හිරු පායන සේ යැයි ගැයූ 1970 ගණන්වල ගීයක පද නිරතුරුව මුමුණමි. අන් කුමක් කරන්නද?

එහෙත් නොවැරදීම නූපාගෙ කතාව රැගෙන කොයි මොහොතේ හෝ අපි එනවාමයි."

අශෝක අතාවුදහෙට්ටිගේ අධ්‍යක්ෂණයක් වන කන්දක් සේ මා චිත්‍රපටයේ බොහෝ දර්ශන ජපානයේ රූගත කර ඇත. මෙම චිත්‍රපටයේ ලාංකේය මෙන්ම ජපාන නළු නිළි පිරිවරක් චරිත නිරූපණයේ යෙදී ඇත. නිරෝෂා පෙරේරා මෙහි ප්‍රධාන චරිතය වන නූපාගේ චරිතය නිරූපණය කරන අතර දිනෙත් ද සිල්වා සෙසු ප්‍රධාන චරිතයට නිරූපණය කරනු ලබයි.