පොත් පුවත්

ජනවාරි 27, 2022

නවලෝකය

ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන විජේකෝන් විසින් රචිත 'නවලෝකය' - වාම සන්නිවේදනයේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි භූමිකාව කෘතිය ඊයේ (ජනවාරි 26) ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන සේවා මණ්ඩල ග්‍රවණාගාරයේදී එළිදැක්විණි. නවලෝකය කෘතිය දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයකි. ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතේ සේවය කරන ඔහු දශක දෙකකට අධික කාලයක් එහි උපකර්තෘවරයෙකු ලෙස කටයුතු කරමින් සිටී.

 

 

නැවතුම් නැති ජීවිතේ

සමන් ආතාවුදහෙට්ටි විසින් පරිවර්තනය කරන ලද නැවතුම් නැති ජීවිතේ කෘතිය ඇම්.ඩි. ගුණසේන සහ සමාගමයේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත. මෙම කෘතිය, 1982 වසරේ දී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අතපය නැති දරුවෙකු ලෙස උපත ලද නික් වුයෙචිච් විසින් රචිත උදඵබධනනචඡතඥ කෘතියේ පරිවර්තනයකි.

 

දුවකගේ කඳුළු

රුචිරා සුරංගී ද අල්විස් විසින් රචිත දුවකගේ කඳුළු ඇම්.ඩි. ගුණසේන සහ සංගමයේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත. දුවකගේ කඳුළු ලක්බිම පුවත්පතට රුචිරා සුරංගී ද අල්විස් විසින් රචිත තීරු ලිපි පෙළක එකතුවකි.