වර්ෂ 2022 ක්වූ May 24 වැනිදා Tuesday
එස්.එච්. සරත්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්

චිත්‍ර ශිල්පී එස්.එච්. සරත්ගේ නවතම චිත්‍ර ප්‍රදර්ශනය 2022 ජනවාරි මස 13 වැනිදා සිට 31 වැනිදා දක්වා පෙ.ව 10 සිට ප.ව 5 දක්වා 18ඒ, සරසවි උයන, නාවල, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි The Artist's Galleryහීදි පැවැත්වීමට නියමිතය.
සීමාවකින් තොරව තම ප්‍රකාශන කැන්වසය මතට ගෙන එන නිදහස් චිත්‍ර ශිල්පියෙකු ලෙස ප්‍රකට එස්.එච්. සරත්ගේ සිතුවම් ලොව පුරා බොහෝ රටවල ප්‍රදර්ශනය කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් ප්‍රදර්ශන දෙකක්ද ඔහු විසින් පවත්වන ලදී. ජිනීවා මූලස්ථානයේ බිත්තියක ඔහුගේ එක් සිතුවමක්ද වෙයි.
ලංකා කලා සංගමයේ උපසභාපතිවරයා ලෙස ද සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ කලා අනුමණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇති එස්.එච්. සරත් කලාශූරී ජාතික සම්මානයෙන් ද පිදුම් ලැබූහ.