ෂෙල්ටන්ට-ජයලාල්ට පින් පතා නාට්‍ය වැඩමුළු මාලාවක්

ජනවාරි 13, 2022

ස්වාධීන කලා සංසදය මගින් නාට්‍ය වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ. එහි පළමුවැන්න මෙම මස 17දා එනම් ලබන පොහොය දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වෙනු ඇත. එතැන් පටන් සෑම පොහොය දිනකම මෙම නාට්‍ය වැඩමුළුව සංවිධානය වනු ඇත. නොමිලේ පැවැත්වෙන මෙය සඳහා නාට්‍ය කලාව, රංගනය පිළිබඳ උනන්දුවන කොයි කාටත් සහභාගී වීමට පුළුවන. රිචඩ් මානමුදලි රන්ජන් ප්‍රසන්න, වසන්ත විට්ටච්චි, සරත් කොතලාවල, නදීශානි වැලිවිට, උපාලි ගම්ලත්, ෆර්නි රෝෂිනී, ගිහාන් ප්‍රනාන්දු, අජන්ත අලහකෝන් මෙම නාට්‍ය වැඩමුළුවේ ආරාධිත දේශකයන් වශයෙන් සහභාගී වෙති. මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ නැසීගිය කලාකරුවන් වන ෂෙල්ටන් පයාගල සහ ජයලාල් රෝහණ යන අයව සිහිපත් කරමිනි. මේ පිළිබඳ වැඩි විස්තර 0773035187 රන්ජන්, 0789651267 උපාලි, 00393208133284 නිශාන්ත යන අංකවලින් ලබාගත හැකිය.