වර්ෂ 2022 ක්වූ May 21 වැනිදා Saturday
අනිල් භාරතී නමින් මාවතක්
ජනවාරි 13, 2022

දශක පහකටත් වැඩි කාලයක් ගායන ශිල්පියකු ලෙස ප්රේක්ෂකයන් පිනවූ අනිල් භාරතීගේ හැත්තෑ දෙවැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහු වාසය කරන පානදුර කුරුප්පුමුල්ල අංක 9 දරන මාවත අනිල් භාරතී මාවත ලෙස නම් කිරීම පසුගියදා සිදුවිය. පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා අතින් විවෘත වුණු මෙම මාවත අනිල් භාරතී නමින් නම් කිරීමට මූලිකත්වය දැක්වූයේ සමන් කාරියවසම් විසිනි.