චරිත් ගේ ‘දේශාටනය’ එළිදකී

ජනවාරි 13, 2022

 

ප්‍රවීණ චිත්‍ර කතා ශිල්පී චරිත් විජේවර්ධන විසින් රචිත ‘දේශාටනය’ නවතම චිත්‍රකතා පොත පසුගියදා කොළඹ දේවානම් පියතිස්ස මාවතේ පිහිටි ෆාස්ට් ඇඩ් ආයතනයේදී දොරට වැඩිණ. දැනට ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හි වෙසෙන චරිත්, කලක් මෙරට ජනපි‍්‍රයම මාධ්‍යයක් බවට පත් ව තිබූ චිත්‍රකතා මාධ්‍යයට නව අරුතක් දෙමින්, එය නව තාක්ෂණයත් සමඟ මුසු කරමින්, නව අයුරකින් ඉදිරිපත් කළේය.

‘දේශාටනය’ චිත්‍රකතා පොත සුබ මොහොතින් පිළිගැන්වූයේ චරිත්ගේ දයාබර පියාණන් වන ප්‍රවීණ චිත්‍ර ශිල්පී අනුර විජේවර්ධන වෙතය. විවිධ පුවත්පත් හා මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මෙම ස්ථානයට පැමිණ සිටි මාධ්‍යවේදීන් වෙත ද ‘දේශාටනය’ පිළිගැන් වූ අතර, එම අවස්ථාව සඳහා චරිත් ද සූම් තාක්ෂණය ඔස්සේ ඔස්ට්‍රේලියාවේ සිට සම්බන්ධ වූයේය. දේශාටනය කර්තෘ ප්‍රකාශනයක් වන අතර මුද්‍රණය ෆාස්ට් පබ්ලිෂින් වෙතිනි. කර්තෘවරයා වෙනුවෙන් ෆාස්ට් පබ්ලිෂින් අධිපති පේ‍්‍රම් දිසානායක විසින් අනුර විජේවර්ධනයන්ට ‘දේශාටනය’ පිළිගැන්වීම ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය - චින්තක කුමාරසිංහ

-----------------------------

සුමේධානන්දය

කිවිඳීයක, ගී පද රචිකාවක, ලේඛිකාවක වන යමුනා මාලනී පෙරේරා විසින් රචිත නවතම යොවුන් නවකතාව 'සුමේධානන්දය' සරසවි ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වී ඇත. කෙටි කතා, නවකතා, ගීත නිර්මාණ, කාව්‍ය, යොවුන් සාහිත්‍ය කෘති සහ ළමා සාහිත්‍ය කෘති රැසක් ඇය විසින් රචනාකර තිබේ. 'තිත්ත මකරන්දය', 'සේද නිම්නය', 'තරු මන්දාරා', 'ඉතසිතින්ම', 'සිහිනයට සමුදී', 'සසත්රාවය' ඒ අතරින් කිහිපයකි.

 

උප්පුතලම්

ප්‍රවීණ ලේඛක හා මාධ්‍යවේදී පේ‍්‍රමකීර්තී රණතුංග රචනා කළ නවතම නවකතාව උප්පුතලම් පසුගිය දා දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී එළිදැක්විණි.

 

රොබින් හුඩ්

ඩේවිඩ් කරුණාරත්න විසින් රචිත රොබින් හුඩ් කෘතිය නිකුත් වී ඇත. එය ඇම්.ඩි. ගුණසේන සහ සමාගමයේ ප්‍රකාශනයකි.

 

සරත්ගේ ‘යකා මළා’

සරත් විජේසිංහගේ යකාමළා වේදිකා නාට්‍යය මෙම මස 15 වැනි දා සවස බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. ජයතිලක හේරත්, සමන් සුජීව, සරෝජිනී කවිරත්න ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති.