වර්ෂ 2022 ක්වූ May 24 වැනිදා Tuesday
ඔබ ගත කළ යුතු ජීවිතය ඔබ ගත කරන ජීවිතයයි

පසුගිය 05 වැනිදා දීපිකා පදුකෝන් සිය 36 වැනි උපන්දිනය සැමරුවාය. එදින ඇය ඉන්ස්ටග්රම් ඔස්සේ විශේෂ වීඩියෝවක් බෙදා ගැනීමට අමතක කළේ නැහැ. එහිදී ඇය පවසා සිටියේ, නිළියක ලෙස පරිණාමය වීමත් සමඟ සාර්ථකත්වයේ අරුත ඇයට දැනෙන ආකාරයයි. එම සටහනේ ශීර්ෂ පාඨය වූයේ, ''ඔබ ඔබේ සතුට පසුපස හඹා යන විට මෙතෙක් පැවති ධාවන පථය තව තවත් දිගු වනු ඇත. එවිට ද ඔබ ගත කළ යුතු ජීවිතය වන්නේ ඔබ ගත කරන ජීවිතයයි'' යනුවෙනි. "එබැවින් ඔබේ සතුට අනුගමනය කරන්න. බිය නොවන්න. ඔබ කිසිදා නොදැන සිටි දොරටු විවෘත වනු ඇත" ඇය තවදුරටත් පැවසුවාය.
පසුගියදා දීපිකා ඇයගේ ඉදිරි චිත්‍රපටය වන ' ට්ඥඩපචඪරචචද' හි නව පෝස්ටරය ඉදිරිපත් කළාය. ඒ සමඟ ඇය පවසා සිටියේ "ඔබ අපට ලබා දුන් ආදරය වෙනුවෙන් කුඩා උපන්දින තෑග්ගක්" යනුවෙනි.මෙම චිත්‍රපටයේ නසරුදීන් ෂා සහ රාජත් කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර එහි මංගල දර්ශනය අන්තර්ජාල වේදිකාව මත පමණක් ලොව පුරා රටවල් සහ ප්‍රදේශ 240කට වැඩි සංඛ්‍යාවක පැවැත්වීමට නියමිතය.